අප කවුරුන් ද? Who We Are

අප VisitingCard.LK වෙත  ඔබව අප සාදරයෙන් පිළිගන්නවා,  අප ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් Visiting Card නිර්මාණය  කර දෙමින්, කළමනාකරණය කිරීමටත්, මාර්ගගතව හෝ ස්පර්ශ කිරීමෙන් තොරව හුවමාරු කර ගැනීමේ තාක්ෂණය හරහා හුවමාරු කර ගැනීමටත්, පහසුකම් සලසන එකම සේවා සපයන්නා යි. අපගේ මෙම නව නිර්මාණාත්මක තාක්ෂණික විසදුම මගින් පැරණි Visiting Card හුවමාරු කර ගැනීමේ සම්ප්‍රදාය මුද්‍රණ වියදම් නොමැති පරිසරහිතකාමී සහ නවීන ජංගම දුරකතන සහ පරිගණක හරහා පහසුවෙන් හුවමාරු කර ගත හැකි ඩිජිටල් කාඩ් පත් Digital Visiting Card නැතහොත් අතත්‍ය විසිටින් කාඩ් Virtual Visiting Card (vCard) ලෙස පරිවර්තනය කර ඇත. නව ඩිජිටල් අවකාශයේ වේගයෙන් සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන වෘත්තිකයන් සඳහා  මෙය කදිම විසඳුමකි. මෙම නවමු අත්දැකීම දැන් ඔබටත් අත්විඳිය  හැකියි.  

නවතම පරිසර හිතකාමී සංකල්පයන් ආදර්ශයට ගනිමින් අප ආයතනය මුළුමනින්ම මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වන  ආයතනයකි, ඒ මගින් අප විශාල පරිසරහිතකාමී වාසි අත් කර ගැනීමට සහ පිරිවැය අවම කර ගැනීමට අපේක්ෂා කරන අතර අපගේ සේවා දායකයන්ට ද පහසු සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වෙමු. මෙහිදී අපගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට අපගේ කාර්යාලයක් වෙත යාමට වෙහෙස වීමට සිදු නොවන අතර එම සේවාවන් නව තාක්ෂණය සහ ඩිජිටල්කරණය වූ මෙවලම් උපයෝගී කර ගනිමින් වඩාත් කාර්යක්ෂමව සහ පහසු වෙන් ඉටුකර දීමට අප විසින් කටයුතු යොදා ඇත. මාර්ග ගත කාර්යාල සංකල්පය ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රවාහනය, කඩදාසි සහ තීන්ත භාවිතය, අතිරික්ත විදුලි බල පරිභෝජනය, ගොඩනැගිලි ඉදිකිරීම වැනි දෑ තුළින් සිදුවන පරිසර හානිය වළකාලයි. මෙම හරිත කාර්යාල සංකල්පය ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන ආයතන අතලොස්ස අතරට එක්වීමට ලැබීම අපගේ සතුටට කරුණකි.

අපගේ ආයතනික ස්වභාවය පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ දී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ visitingcard.lk යනු ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ප්‍රධාන පෙළේ තාක්ෂණික ආයතන කිහිපයක සම්පත් දායකත්වයෙන් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් බවයි. මෙහිදී මාර්ගගත ක්‍රමයට සේවාවන් ලබාදිය හැකි නව මෘදුකාංග සංවර්ධනය කරමින් නව මාර්ගගත සේවාවන් අප රටේ ජනතාව වෙත පහසුවෙන් සහ මිත්‍රශීලී ලෙස ළඟා කරලීම ඉලක්ක කරගත් මෙම සේවාව ඉදිරියේදී පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට අප කණ්ඩායම බලාපොරොත්තු වෙමු.

We welcome you to VisitingCard.LK, we are the only service provider in Sri Lanka that facilitates digital Visiting Card creation, management and exchange through online or contactless exchange technology. Our new creative technology solution replaces the tradition of old Visiting Card with eco-friendly and digital cards that can be easily exchanged through modern mobile phones and computers without printing costs. Professionals seeking a speedy way to establish relationships in the new digital realm will find this solution to be the perfect fit. Now you can also experience this new experience.

Modeling the latest eco-friendly concepts, our company is fully online. Through this, we expect to achieve great eco-friendly benefits, reduce costs, and provide convenient services to our clients. Here, our customers do not have to bother to go to our office to get the services they need and we have made arrangements to provide those services more efficiently and easily by using new technology and digitized tools. by implementing the online office concept, Environmental damage caused by transportation, paper and ink use, excess electricity consumption, and building construction can be avoided by adopting the online office concept. It is our pleasure to be among the few organizations that are implementing this green office concept for the first time in Sri Lanka.

To inform you of our corporate nature, visitingcard.lk is a newly launched project that was assisted by resources from several leading technical institutions in Sri Lanka. Our team hopes to develop this service as a private business in the future, which aims to reach the people of our country in an easy and friendly way by developing new software that can provide services online.

 

 අපගේ කාර්යය Our Mission

 අප ආයතනය ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට මාර්ගගත සේවාවක් (SaaS - Software as a Service) ලෙස Digital Visiting Card සේවාව ලබාදෙන එකම ආයතනයයි. කඩදාසි මත මුද්‍රණය කළ යල් පැන ගිය Visiting Card ක්‍රමය වෙනුවට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් digital කරණය වූ නව මානව සම්බන්ධතා ඇතිකර ගැනීමේ ක්‍රමයක් බිහි කිරීම අපගේ මූලික කාර්යයි. ඒ සඳහා මාර්ගගතව භාවිතා කළ හැකි වඩා කාර්යක්ෂම, අඩු පිරිවැයක් වැය වන, භාවිතය පහසු ක්‍රමයක් හඳුන්වා දීමට අපි කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම තාක්ෂණික විසඳුම තුළින් කඩදාසි භාවිතය සහ මුද්‍රණ කටයුතු අවම කර පරිසර හිතකාමී විසඳුමක් ලෙස මෙය සමාජගත කිරීමත් අපගේ කාර්යයන් අතර වනවා. ලොව සියලුම ව්‍යාපාර අංශයන් වේගයෙන් තාක්ෂණය වැළඳ ගනිමින් සිටින යුගයක අප රටේ වෘත්තිකයන් සහ ව්‍යාපාර සඳහා නව තාක්ෂණයේ ප්‍රතිලාභ අත්කර ගත හැකි වන පරිදි නව්‍යකරණය කරන ලද මාර්ගගත සේවාවන් ඔවුන් වෙත ළඟාකර දීමේ කර්තව්‍යයට අපි ඉතා සතුටින් කැපවී සිටිනවා.

 

අපගේ දැක්ම Our Vission

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගිය digital කරණය වූ සේවාවන් තුළින් ව්‍යාපාර සහ වෘත්තීය කටයුතු පහසු කරමින් වඩාත් සඵලදායී නව තාක්ෂණික යුගයක් කරා අපගේ ව්‍යාපාරික අංශ රැගෙන යමින් දිනෙන් දින නව්‍යකරණය වන ගෝලීය තාක්ෂණය සමඟ සමගාමීව අපගේ සේවාවන් නව්‍යකරණයට ලක් කරමින් නවීන තොරතුරු තාක්ෂණ විසඳුම් අපගේ පාරිභෝගිකයන් වෙත ළඟාකර දීමට කටයුතු කිරීම අපගේ සාඩම්බර දැක්මයි.

 

අප ලබා දෙන්නේ මොනවාද What We Offer

 ඔබගේ වෘත්තීය හා ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීම පහසු කරවන මාර්ගගත සේවාවන් රැසක් අප ලබා දෙනවා:

# ඩිජිටල් විසිටින් කාඩ් පත්

 ඔබගේ අනන්‍යතාවය හෝ වෙළෙඳ නාමය ප්‍රතිරූපණය කරන digital visiting card

# කළමනාකරණය සහ යාවත්කාලීන කිරීමේ පහසුව

 ඔබගේ ඩිජිටල් කාඩ් පතේ තොරතුරු ඔබටම ක්ෂණිකව යාවත්කාලීන කර ගැනීමේ පහසුව

# සීමා රහිතව හුවමාරු කර ගැනීමේ පහසුව

ඔබගේ සම්බන්ධතා තොරතුරු අමතර වියදමකින් තොරව අසීමිතව ඊමේල් QR කෝඩ් සමාජජාල සහ පණිවිඩ හුවමාරු කර ගැනීමේ යෙදුම් හරහා ඉතා පහසුවෙන් හුවමාරු කර ගැනීමේ හැකියාව

# සබඳතා තොරතුරු හුවමාරු කළ හැකි ප්ලාස්ටික් කාඩ් පත්

 ඔබට සබඳතා තොරතුරු හුවමාරු කරගත යුතු පුද්ගලයාට කාඩ් පත ලබාදීමෙන් තොරව ඔහුගේ ජංගම දුරකථනය ගෙන යාමෙන් හෝ QR කෝඩ් කැමරාවට යොමු කිරීමෙන් ඔබගේ සම්බන්ධතා තොරතුරු හුවමාරු කර ගත හැකියි

# විශ්ලේෂණය සහ ප්‍රතිචාර ලබා ගැනීමේ පහසුව

ඔබගේ මාර්ගගත ගිණුමට ඇතුළු වීමෙන් ඔබගේ තොරතුරු නැරඹුම් වාර විශ්ලේෂණය සහ ඔබ සබඳතා හුවමාරු කරගත් අයගෙන් ලැබුණු ප්‍රතිචාර නැරඹීමේ හැකියාව

# අමතර තොරතුරු එක් කිරීමේ හැකියාව

 සාම්ප්‍රදායික විසිටින් කාඩ් පතකට වඩා පුළුල් වූ පරාසයක විශාල තොරතුරු ප්‍රමාණයක් එක් කිරීමේ හැකියාව, සමාජ මාධ්‍ය ලින්ක්, නිෂ්පාදන, වීඩියෝ, ඔබගේ වෘත්තීය තොරතුරු ආදිය

# පරිසර හිතකාමී බව

 කඩදාසි භාවිතය, මුද්‍රණය, නැවත පරිසරයට එකතු වීම ආදිය අවම වීම මගින් පරිසරය සුරැකීමට දායක වීම

 

 අප හා එක්වන්න Join With Us

 සබඳතා ගොඩනඟා ගැනීමේ නව ඩිජිටල් යුගය කරා පිවිසීමට  අපි ඔබට ආරාධනා කරනවා,  නව්‍යකරණය තුළින් සඵලදායිත්වයට ගමන් කරන නවීන සමාජයක කොටස්කරුවන් වීමට ඔබටත්  හැකියි.  නව තාක්ෂණයේ පහසු ආත්ම විඳිමින් කාර්යක්ෂමව සහ පරිසරහිතකාමීව visitingcard.lk  සමග  මාර්ගගත තාක්ෂණයේ මීළඟ පියවර තැබීමට  එක්වන්න.

 

අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි, නව සම්බන්ධතා ගොඩනඟා ගනිමින් නව්‍යකරණය තුළින් එකට ගොඩනැගෙමු !