හඳුන්වාදීම

ඔබව සාදරයෙන් VisitingCard.LK වෙත පිළිගන්නවා. අප ආයතනය ඔබගේ පෞද්ගලිකත්වයට ඉහළ වටිනාකමක් ලබාදෙන අතර ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීමට අප බැඳී සිටිනවා. ඔබ අපගේ digital visiting card SaaS සේවාව භාවිතා කරන අතරතුර අප ඔබගෙන් එකතු කරගන්නේ කුමන තොරතුරද, අප ඒවා භාවිතා කරන්නේ කෙසේද, ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අප ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කිරීමෙන් අප බලාපොරොත්තු වෙනවා.

අප එකතු කරගන්නා තොරතුරු මොනවාද?

පෞද්ගලික තොරතුරු: 

  • නම
  • ඊමේල් ලිපිනය
  • සම්බන්ධතා තොරතුරු (දුරකථන අංකය, ලිපිනය, සමාජ ජාල link, ඔබගේ ස්ථානය)
  • ආයතනික නාමය
  • තනතුරු
  • ගෞරව නාම සහ අධ්‍යාපනික තොරතුරු
  • ඔබගේ ඡායාරූපයක්
  • සහ මීට අමතරව ඔබ විසින් ඔබගේ ඩිජිටල් කාඩ් පතට ඇතුළත් කිරීමට ලබාදෙන ඕනෑම තොරතුරක්.

 

භාවිතය හා සම්බන්ධ තොරතුරු:

  • register වීමේදී භාවිතා කළ දුරකථන අංකය
  • ආයතනයට ලබා දුන් ලිපිනය
  • සිදු කළ ගෙවීම් සම්බන්ධ වාර්තා
  • ඔබ අප වෙත එවූ බැංකු රිසිට් පත්
  • register වීමේදී ලබාදුන් හැදුනුම්පත් කොපිය
  • ඔබගේ සම්බන්ධතාවයන් නැරඹූ වාර ගණන
  • අපගේ inquiry form හරහා ලැබුණු ප්‍රතිචාර සහ ඔබ දැක්වූ ප්‍රතිචාර

 

අප එකතු කර නොගන්නා තොරතුරු මොනවාද?

 

පෞද්ගලික තොරතුරු: 

  • ජාතිය
  • ආගම
  • විවාහක අවිවාහක බව
  • වයස
  • ස්ත්‍රී පුරුෂ බව
  • Real Time GPS Location
  • ඔබගේ ඩිජිටල් කාඩ් පතේ පෙන්වන ඡායාරූපයට අමතර ඔබගේ ජායාරූප
  • තොරතුරු යාවත්කාලීන කිරීමේදී ඉවත් කළ තොරතුරු
  • යාවත් කාලීන කිරීමේ දී ඉවත් කළ ඡායාරූප
  • මීට අමතරව අපගේ සේවාව සැපයීමට අවශ්‍ය නොවන ඕනෑම තොරතුරක්

 

භාවිතය හා සම්බන්ධ තොරතුරු:

  • ඔබගේ සේවාවන්ට ඇතුළු වීමේ සහ පිටවීමේ සටහන්
  • IP ලිපිනයන්
  • පැරණි මුර පද
  • ඔබ ලබාදුන් සබඳතා හරහා ඔබව සම්බන්ධ කරගත් අයගේ තොරතුරු
  • ඔබට ලැබුණු දුරකථන ඇමතුම් සහ ඊමේල්
  • ඔබ සේවාවට පිවිසුණු උපකරණ පිළිබඳ තොරතුරු
  • ඔබ සේවාවට පිවිසුණු ස්ථාන සහ දිනයන්
  • ඔබ ගෙවීම් සිදුකළ බැංකු කාඩ් තොරතුරු
  • ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ වාර්තා
  • ඔබ විසින් ඉවත් කළ තොරතුරු

 

අප ප්‍රසිද්ධ නොකරන තොරතුරු මොනවාද?

 

භාවිතය හා සම්බන්ධ තොරතුරු:

  • IP ලිපිනයන්
  • බැංකු කාඩ් තොරතුරු
  • මුර පද
  • ඔබගේ සේවාවන්ට ඇතුළු වීමේ සහ පිටවීමේ සටහන්
  • ඔබ විසින් ඉවත් කළ තොරතුරු
  • ඔබට ලැබුණු දුරකථන ඇමතුම් සහ ඊමේල්
  • ඔබ ඩිජිටල් කාඩ් පතෙහි ඇතුළත් කිරීමට ලබා දුන් තොරතුරු හැර ඔබ සම්බන්ධ අන් කිසිම තොරතුරක්

 

☢ ඔබගේ ඩිජිටල් කාඩ් පත අයුතු ලෙස භාවිතා කිරීමක් සම්බන්ධ අවස්ථාවකදී හෝ  රටේ පවතින නීතිය යටතේ නීතිමය ගැටලුවකට ලක්වීම හෝ රාජ්‍ය ආරක්ෂක අංශයක විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය වූ විටෙක හෝ ඔබට පෙර දැන්වීමකින් තොරව ඔබ සම්බන්ධයෙන් අප සතුව ඇති තොරතුරු ලබාදීමට සම්පූර්ණ අයිතිය ආයතනය සතුව ඇත ☢

☢ ප්‍රසිද්ධ කිරීම සඳහා ඔබ අප වෙත ලබාදෙන ලබාදෙන තොරතුරු කිසියම් තෙවන පාර්ශ්වයක් විසින් අවභාවිතාවට ලක් කළහොත් ඒ පිළිබඳව අප ආයතනය කිසිදු වගකීමක් නොදරන බව මෙයින් දන්වා සිටිමු ☢

 

අප ඔබගේ තොරතුරු භාවිතා කරන්නේ කෙසේද?

 

අපගේ සේවාව ලබාදීමට හා වැඩි දියුණු කිරීමට:

  • ඩිජිටල් කාඩ් පත් නිර්මාණය කිරීමට
  • අපගේ සේවාව වැඩිදියුණු කිරීමට අදාළව
  • ආයතනික සේවා විශ්ලේෂණ කටයුතු සඳහා

 

ඔබ සමග සබඳතා පැවැත්වීමට:

  • ඔබට සේවා වැඩි දියුණු කිරීම සහ දැනුම් දීම් ලබාදීමට
  • ඔබගේ ගැටලු සහ විමසීම් වලට සහාය දැක්වීමට
  • ආයතනික සේවා ප්‍රවර්ධනයට සහ නව සේවාවන් ඔබ වෙත ගෙන ඒමට

 

ආයතනික සේවා විශ්ලේෂණ සහ අනාගත වැඩි දියුණු කිරීම් කටයුතු සඳහා:

  • ඔබගේ භාවිතා කිරීම් රටාවන් හඳුනාගෙන ඒ අනුව අපගේ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා.
  • අපේ වෙබ් අඩවිය සහ සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා.
  • නව සේවා අංග සහ අමතර සේවා වැඩිදියුණු කිරීම සඳහා
  • අපගේ ආයතනයට අදාළ අලෙවි ප්‍රවර්ධන සහ ත්‍යාග ලබාදීමේ කටයුතු සඳහා

 


ඔබේ තොරතුරු බෙදාගැනීම

අපගේ වේදිකාව ක්‍රියාත්මක කිරීමට සහ අපගේ ව්‍යාපාරය කරගෙන යාමට අපට සහාය වන විශ්වාසදායී තෙවන පාර්ශවීය සේවාවන් හැර,
අපි ඔබේ පුද්ගලික තොරතුරු බාහිර පාර්ශ්වයන්ට විකිණීම, වෙළඳාම් කිරීම හෝ වෙනත් ආකාරයකින් මාරු නොකරමු.
මෙවැනි අවස්ථාවක ඔබගේ තොරතුරු සම්බන්ධ ආරක්ෂාව සහතික කිරීම එම තෙවන පාර්ශ්වයන් සතු වගකීමකි.

ඔබේ අයිතිවාසිකම් # අප සතුව ඇති
ඔබේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වන්න

# ඔබේ තොරතුරු නිවැරදි කිරීම් ඉල්ලීම
# ඔබගේ පුද්ගලික තොරතුරු මකා දැමීමට ඉල්ලීම
# අලෙවිකරණ ප්‍රවර්ධනයන්ගෙන් ඉවත් වීම
කුකීස් (Cookies)
අපගේ වෙබ් අඩවිය ඔබේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට කුකීස් සහ ඒ හා සමාන තාක්ෂණයන් භාවිතා කරයි.
ඔබට ඔබගේ බ්‍රවුසරයේ Settings හරහා කුකීස් අක්‍රිය කිරීමට තෝරා ගත හැක,
නමුත් මෙය අපගේ වෙබ් අඩවියේ සමහර විශේෂාංග භාවිතා කිරීමට ඔබට ඇති හැකියාවට බලපෑ හැකිය. පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති වෙනස්කම් ( Privacy Policy Changes)
අපගේ පරිචයන් හෝ නීතිමය අවශ්‍යතා වල වෙනස්කම් පිළිබිඹු කිරීමට අපි මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය කලින් කලට යාවත්කාලීන කළ හැක.
යාවත්කාලීන කරන ලද ප්‍රතිපත්තිය අපගේ වෙබ් අඩවියේ පළ කිරීමෙන් අපි ඔබට කිසියම් සැලකිය යුතු වෙනස්කම් දන්වන්නෙමු.